ඔබේ රුධිරයේ ඇති කුඩා බෝම්බ - අනුපූරක පද්ධතිය | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

වීඩියෝ

පිටපත

සෑම ජීවියෙකුටම ඔවුන් අනුභව කිරීමට පැමිනෙන අනෙකුත් ජීවීන් සමඟ සටන් කළ යුතු ‌වේ.

අවුරුදු බිලියන ගණනක් පුරා බහු සෛලිික ජීවය පරිණාමය වෙත්ම, එය ආරක්ෂා වීමට ක්‍රමෝපායන් ඉදිරිපත් විය.

අද මිනිසුන්ට නවීන ආරක්ෂක ජාලයක් තිබේ,

භෞතික බාධක, ආරක්ෂක සෛල සහ ආයුධ කර්මාන්තශාලා වැනි.

නමුත් අපගේ ශරීරයේ වැදගත්ම ආරක්ෂාවක් බොහෝ දුරට අප නොදන්නා කරුණකි:

අනුපූරක පද්ධතිය

එය මීට වසර මිලියන 700 කට පෙර පරිණාමය වූ අතර එය විවිධ ප්‍රෝටීන 30 කට අධික හමුදාවක් වේ

අනවසරයෙන් ඇතුළුවන්නන් නැවැත්වීම සඳහා සංකීර්ණ හා අලංකාර ‌ලෙස එකට වැඩ කරන.

සමස්තයක් ලෙස ගත් කල, ඔවුන්ගෙන් ක්වාඩ්‍රිලියන 15,000 ක් පමණ මේ වන විට ඔබේ ශරීරයේ සෑම තරලයක්ම සංතෘප්ත කරයි.

රසායන විද්‍යාව හැර අන් කිසිවක් මඟ පෙන්වනු නොලැබේ,

මෙම ප්‍රෝටීන ආක්‍රමණිකයින්ට එරෙහිව අප සතුව ඇති වඩාත්ම ප්‍රබල ආයුධ වලින් එකකි.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනෙක් බොහෝ කොටස් අනුපූරක පද්ධතිය සක්‍රිය කිරීමේ මෙවලම් පමණි.

නමුත් එය ද ඇත්තෙන්ම භයානක ය.

ඔබේ රුධිරය තුළ ඕනෑම මොහොතක පුපුරා යා හැකි කුඩා බෝම්බ ට්‍රිලියන ගණනක් තිබෙන බව සිතන්න

එබැවින් අපගේ සෛල අනුපූරකවල පහර දී‌‌‌මෙන් ‌‌බේරීම සඳහා විවිධ යාන්ත්‍රණ භාවිතා කරති.

හරි, එය හරියටම කරන්නේ කුමක්ද සහ එය එතරම් භයානක වන්නේ ඇයි?

කෙටියෙන් කිවහොත්, අනුපූරක පද්ධතිය කාර්යයන් තුනක් කරයි:

එය සතුරන් අක්‍රීය කරයි, එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරයි, එමෙන්ම සතුරන් මිය යන තුරුම සිදුරු සාදා විනාශ කර දමයි.

නමුත්, කෙසේද?

සියල්ලට පසු, මේවා ප්‍රඥ්නාවක් නැති ප්‍රෝටීන වන අතර අහඹු ලෙස අරමුණක් ‌හෝ දිශාවකින් තොරව ගමන් කරයි.

හොඳයි, මෙය ඇත්ත වශයෙන්ම උපාය මාර්ගයේ කොටසකි.

අනුපූරක ප්‍රෝටීන එක්තරා ආකාරයක අක්‍රිය ආකාරයකින් පාවෙයි.

ඔවුන් සක්‍රිය වී ඒවායේ හැඩය වෙනස් කරන තුරු ඔවුන් කිසිවක් නොකරයි.

ප්‍රෝටීන ලෝකයේ, ඔබේ හැඩය ඔබට කළ හැකි හා කළ නොහැකි දේ තීරණය කරයි.

කුමක් නිසාද යත්, හැඩය ඔබට අන්තර්ක්‍රියා කළ හැක්‌කේ කුමක් සමග සහ කුමන ආකාරයෙන්ද යන්න තීරණය කරන බැවිනි.

උදාහරණයක් ලෙස, ඔබේ උදාසීන හැඩයෙන් ඔබට කිසිවක් කළ නොහැක.

කෙසේ වෙතත්, ඔබේ ක්‍රියාකාරී හැඩයෙන්, ඔබට වෙනත් ප්‍රෝටීන වල හැඩය වෙනස් කළ හැකිය

ඒවා සක්‍රීය කිරීමෙන් ඔවුන්ට අන් අය සක්‍රීය කළ හැකිය.

මේ වගේ යාන්ත්‍රණයන්ට ඉතා ඉක්මණින් පැතිරෙන දාමයන් ආරම්භ කළ හැකිය.

අනුපූරක ප්‍රෝටීන පිළිබදව, මිලියන ගණනක් ගිනිකූරු ඉතා ආසන්නව තබා ඇති ආකාරයට සිතන්න.

යමෙකු ගින්නක් ඇති වූ විට, එය අවට සිටින අයව ඇවිළේ.

ඔවුන් වැඩි වැඩියෙන් දැල්වෙන අතර හදිසියේම ඔබට විශාල ගින්නක් ඇති වේ.

අනුපූරක පද්ධතියේ සත්‍ය යාන්ත්‍රණයන් පෙන්වීම ඉතා සංකීර්ණ හා අති මහත් ය

ඉතින්, අපි මෙහි සරල කරන්නෙමු.

දැන්, ඔබ ඔබම කපාගෙන බැක්ටීරියා පොකුරක් තුවාලයට ඇතුළු වේ යැයි සිතමු

එවා අවට පටක තුලට ආසාදනය ‌වේ.

අපගේ අනුපූරක ප්‍රහාරය C3 සමඟ ආරම්භ වේ.

C3 යනු පළමු ගිනිකූරයි, අපගේ ගින්න ආරම්භ කරන ආරම්භක ගිනි පුපුර.

එය සිදු කිරීම සඳහා, C3 අක්‍රිය සිට ක්‍රියාකාරී වෙත මාරු විය යුතුය.

මෙය සිදුවන ආකාරය සංකීර්ණයි, නමුත් එය අහඹු ලෙස සිදුවිය හැකි යැයි කියමු

සතුරන්ට බන්ධනය වන වෙනත් අනුපූරක ප්‍රෝටීන හරහා හෝ ප්‍රතිදේහ හරහා.

ඔබ සැබවින්ම දැනගත යුතු වන්නේ C3 කුඩා ප්‍රෝටීන දෙකකට කැඩෙන බවයි,

C3a සහ C3b, දැන් සක්‍රිය කර ඇත.

මෙම කොටස් වලින් එකක් වන C3b ප්‍රෝටීන් බැක්ටීරියා, දිලීර සහ වෛරස් සදහා විශේෂනය වූ සෙවුම් මිසයිලයක් වැනි ය.

ගොදුරක් සොයා ගැනීමට එයට තත්පර භාගයක් ඇතිි අතර නැතහොත් එය ජල අණු මගින් උදාසීන කරනු ලැබේ.

C3b ඉලක්කයක් සොයා ගන්නේ නම්, එය ඉතා තදින් එහි මතුපිටට නැංගුරම් ලා ඇති අතර ගැලවී යාමට ඉඩ නොදේ.

එසේ කිරීමෙන් ප්‍රෝටීනය එහි හැඩය නැවත වෙනස් කරයි.

එහි නව හැඩයෙන්, දැන් එය වෙනත් ප්‍රෝටීන අල්ලා කුඩා ප්‍රතික්‍රියා දාමයක් ආරම්භ කිරීමට සමත් වේ,

එහි හැඩය කිහිප වතාවක් වෙනස් කිරීම, වෙනත් අනුපූරක ප්‍රෝටීන තමාටම එකතු කිරීම,

අවසාන වශයෙන්, එය C3 Convertase නමින් හැඳින්වෙන බඳවා ගැනීමේ වේදිකාවක් බවට පරිවර්තනය වේ.

මෙම වේදිකාව මුළු චක්‍රයම නැවත ආරම්භ කරන තවත් C3 ප්‍රෝටීන සක්‍රීය කිරීමේ විශේෂඥයෙකි.

විස්තාරණ චක්‍රයක් ආරම්භ වේ.

වැඩි කල් නොගොස් ප්‍රෝටීන දහස් ගණනක් බැක්ටීරියා ආවරණය කරයි.

බැක්ටීරියා සඳහා මෙය ඉතා නරක ය.

එමගින් බැක්ටීරියා අක්‍රීය වී අසරණ විය හැකිය, නැතහොත් ඒවා මන්දගාමී වේ.

මැස්සන් දහස් ගණනකින් වැසී ඇති බව සිතන්න.

මැස්සන් දහස් ගණනකින් වැසී ඇති බව සිතන්න.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

නමුත්, තවත් බොහෝ දේ ඇත.

C3 ප්‍රෝටීන වල අනෙක් කොටස ඔබට මතකද? - C3a ප්‍රෝටීනය

C3a හරියට ආපදා ආලෝකයක් වගේ.

ඔවුන්ගෙන් දහස් ගණනක් අවධානය යොමු කිරීම සඳහා කෑගසමින් යුධ භූමියෙන් ඉවතට ගලා යයි.

අක්‍රිය ප්‍රතිශක්තිකරණ සෛල C3a ප්‍රෝටීන දකී,

ඔවුන්ගේ නින්දෙන් අවදි වී ආසාදනය වූ ස්ථානයට ගමන් කිිිිිිිරීමට ප්‍රෝටීන වල මග අනුගමනය කරයි.

අනතුරු ඇගවීමේ ප්‍රෝටීන වැඩි වන තරමට ඔවුන් ආක්‍රමණශීලී වේ.

මේ ආකාරයෙන්, අනුපූරක විසින් ශක්තිමත් කිරී‌මේ බලකායන් ඔවුන්ව වඩාත්ම අවශ්‍ය ස්ථානයට හරියටම ‌යොමු කරයි.

මෙතෙක්, අනුපූරකය ආක්‍රමණිකයින්ගේ වේගය අඩු කර ඇති අතර උදව් ඉල්ලා ඇත.

දැන්, එය සතුරා ඝාතනය කිරීමට සක්‍රියව උදව් කිරීමට පටන් ගෙන තිබේ.

යුධ පිටියට පැමිණෙන පළමු ප්‍රතිශක්තිකරණ සෛල වන්නේ භක්ෂක ‌සෛලයි.

එහි අර්ථය නම්, ඔබව මුලුමනින්ම ගිල දැමූ සෛල, ඔබව කුඩා සිරගෙයක සිර කර, පසුව අම්ල වලින් ඔබව මරා දමයි.

එහෙත්, සතුරෙකු ගිල දැමීමට නම්, ඔවුව පළමුව අල්ලා ගත යුතුය.

එය පහසු නැත, බැක්ටීරියා අසුවීමට අකමැති අතර ලිස්සන සුළු ය.

නමුත් දැන්, අනුපූරක, බැක්ටීරියා වලට නැංගුරම් ලා ඇත

ප්‍රතිශක්තිකරණ සෛල වලට, ආක්‍රමණිකයන් අල්ලා ගැනීම පහසු කරවන මැලියම් වර්ගයක් ලෙස ක්‍රියා කරයි.

නමුත් එය වඩාත් හොඳ වේ.

නැවත මැස්සන්ගෙන් වැසී ඇතැයි සිතන්න.

දැන්, ඔවුන් බඹරුන් බවට පත්වනු ඇතැයි සිතන්න.

තවත් ප්‍රතික්‍රියා දාමයක් ආරම්භ වීමට ආසන්නය.

බැක්ටීරියාවක මතුපිට C3 බඳවා ගැනීමේ වේදිකාව එහි හැඩය නැවත වෙනස් කරයි.

සහ නව ප්‍රෝටීන බඳවා ගැනීමට පටන් ගනී.

ඔවුන් එක්ව විශාල ව්‍යුහයක් තැනීම ආරම්භ කරයි : පටල ප්‍රහාර සංකීර්ණය.

කැබැල්ලෙන් කැබැල්ල, දිගු හෙල්ල වැනි හැඩැති නව ප්‍රෝටීන ඔවුන් බැක්ටීරියා පටල තුලට ගැඹුරට නැංගුරම් ලයි,

නැවත වසා දැමිය නොහැකි සිදුරක් ඔවුන් සාදන ගන්නා තුරු.

තරල බැක්ටීරියා තුලට වේගයෙන් ගලා යන අතර අභ්‍යන්තර ‌කොටස් පිටතට පැමිණේ.

ඔවුන් මැරෙනතුරු තරල පිටතට ගලයි.

ඉතිරි බැක්ටීරියා අනුපූරකවලින් ආබාධිතයන් කිරීම හා අවධානය වෙනතකට යොමු කරයි,

සහ පැමිණෙන ප්‍රතිශක්තිකරණ සෛල ඉක්මනින් හදුනා ගනී.

ආක්‍රමණය භයානක වීමට පෙර එය ආරම්භයේදීම නවත්වනු ලැබේ.

ඔබ එය නොදැන සිටියා විය හැකිය.

නමුත් බැක්ටීරියා අනුපූරක ගැන සතුටු නොවන අතර,

එයිිිින් වඩාත්ම ප්‍රබලව මැඩපැවැත්විය හැකි හැකි සතුරන් ඇත්ත වශයෙන්ම වෛරස් ය.

වෛරස් වලට එක් ගැටළුවක් ඇත: ඒවා සෛලයෙන් සෛලයට ගමන් කළ යුතුය.

සෛල වලින් පිටත, ඔවුන් මූලිකවම බලාපොරොත්තු වන්නේ අහඹු ලෙස සෛලයකට පහරදී සෛල ‌ආසාදනය කිරීමටයි.

මෙහිදී, ඔවුන් සම්පූර්ණයෙන්ම අනාරක්ෂිතයි.

මෙහි දී අනුපූරකවලට ඒවා අන්තර්ග්‍රහණය කිරීමට හා අක්‍රීය කිරීමට හැකි වේ,

එබැවින් ඒවා හානිකර නොවන අතර ඒවා ගිල දැමීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට මග පෙන්වයි.

අනුපූරක නොමැතිව, වෛරස් ආසාදන මීට වඩා මාරාන්තික වනු ඇත.

නමුත් නවතින්න, අප සතුව එවැනි ආයුධයක් තිබේ නම්, අප අසනීප වන්නේ ඇයි?

ගැටලුව වන්නේ යුද්ධයකදී දෙපාර්ශ්වයම අනුවර්තනය වීමයි.

උදාහරණයක් ලෙස, vaccinia වෛරසය සෛලයකට ආසාදනය වූ විට,

අනුපූරක, සක්‍රියතාව වළක්වන ප්‍රෝටීනයක් නිපදවීමට එය බල කරයි.

මේ ආකාරයෙන්, වෛරසය ආසාදනය වන සෛල වටා ආරක්ෂිත කලාප නිර්මාණය කරයි.

ඒවා ඔවුන් මරා දමා වැඩි වශයෙන් ආසාදනය කිරීමට උත්සාහ කරන විට, ඒවා සාර්ථක වීමට වැඩි අවස්ථාවක් ඇත.

නැතහොත් සමහර බැක්ටීරියා, අනුපූරක පද්ධතිය සන්සුන්ව තබා ගන්නා සමහර අණු රුධිරයෙන් අල්ලා ‌‌ගෙන,

ඔවුන් අදෘශ්‍යමාන බවට හැරේ.

එබැවින් අනුපූරක පද්ධතිය අතිශයින්ම වැදගත් වන අතරම

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධති‌‌‌යේ සංකීර්ණ හා අලංකාර සංවිධානයේ එක් ක්‍රීඩකයෙක් පමණි.

සරල දේවල් වලට එකට එක්වී විශ්මයජනක දේවල් කොපමණ කළ හැකිද යන්න පිළිබඳ ලස්සන උදාහරණයක්.

මෙම වීඩියෝව අනුග්‍රහය දැක්වූයේ ඔබ විසිනි.

ඔබගේ ඍජු සහාය නොමැතිව මෙම නාලිකාව නොපවතිනු ඇත.

ඒ සඳහා අප කෙතරම් කෘතඥ වනවාද යන්න තක්සේරු කිරීම අපහසුය.

2019 දී සාමාන්‍ය kurzgesagt වීඩියෝවක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් පැය 1200 ක් ගතවිය.

අපගේ ස්ක්‍රිප්ට් ගවේෂණය කිරීමට, ඒවා විශේෂඥයින් සමඟ පැහැදිලි කිරීමට, හා ලිවීමට අපට මාස ගණනක් අවශ්‍යය

මුල සිටම සෑම දර්ශනයක්ම නිදර්ශනය කර සජීවිකරණය කරන්න, සහ මුල් සංගීතය රචනා කරන්න.

මෙය කළ හැක්කේ අනුග්‍රාහකත්වයේ එකතුවකින් පමණි,

Patreon මගින් ඔබේ සහාය, සහ merch විකිණීම

අනුපූරක පද්ධතිය ගැන අපි මෙම පෝස්ටරය සහ තැපැල්පත් වැනි

ඔබට, ඔබටම, අපට සහාය වීමට අවශ්‍ය නම්,

නැරඹීමෙන්, Patreon බවට පත්වීමෙන් සහ පුද්ගලික කුරුල්ලෙකු ලබා ගැනීමෙන් ඔබට එය කළ හැකිය.

නැතහොත්, අපගේ දින දර්ශන හෝ පෝස්ටර් එකක් ලබා ගැනීමෙන්.

Kurzgesagt හි අරමුණ අපට හැකි හොඳම වීඩියෝ සෑදීමයි

විද්‍යාව වඩාත් ප්‍රවේශ විය හැකි බවට පත් කිරීම.

මෙය සිදු කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි.